Return to Home Page


Thread Rating:
  • 0 Vote(s) - 0 Average
  • 1
  • 2
  • 3
  • 4
  • 5


[-]
Advertisements

කාබනික කෘමිනාශක සාදන ආකාර | ගෙවතු වගා සදහා කාබනික කෘමිනාශක ගෙදරදීම සාදමු
#1

කාබනික කෘමිනාශක සාදන ආකාර | ගෙවතු වගා සදහා කාබනික කෘමිනාශක ගෙදරදීම සාදමු



සුදු ලුණු කෘමි නාශක-1
සුදු ලුණු 100g
වතුර 1l
සබන් 10g
භුමි තෙල් තේ හැදී 2

සදාගන්න ආකාරය
සුදු ලුණු තලා හෝ අබරා ගන්න. භුමි තෙල්,තලා ගත් සුදු ළූනුවලට එක් කර කලවම් කරගන්න. මෙම මිශ්‍රණය පැය 24ක් තබා ඉන්පසු සබන් වතුරේ දිය කරගන්න. මිශ්‍රණය පෙරා ගන්න. කෘමි නාශකයක් ලෙසා බාවිතා කිරීමට පෙර මෙම මිශ්‍රණයේ එක කොටසකට වතුර කොටස් 4ක් එකතු කර ඉසින්න.
මෙම ස්භාවික කෘමිනාශක කුඩිත්තන්,කොලකන දලබුවන්, කොළ කන කෘමි සතුන්ට බාවිතා කල හැක..

සුදු ලුණු කෘමි නාශක-2
සුදු ලුණු
රතු ලුණු
පැපොල් ඇට
වතුර

සාදාගන්නා පියවර
සුදු ලුණු,රතු ලුණු,පැපොල් ඇට සමව ගෙන වතුර දමා කොටාගන්න.පැය 24ක් තබා පෙරාගන්න.
බෝගවලට ඉසීමෙන් කුඩිත්තන් පැලමැක්කන් මර්දනය වේ.


සුදු ලුණු කෘමි නාශක-3
සුදු ලුණු,අමු ඉගුරු සම සමව ගෙන තලාගන්න.මෙහි ඉස්ම මේස හැදී 10කට වතුර ලීටර් 1ක් කලවම් කර ඉසින්න.
එළවලු බෝග පලදාව බහුලව හානිකරන ඉල්මැස්සා මර්දනයට යොදන්න.පල හට ගැනීම කුඩා අවධියේ සතියකට දෙවතාවක් යෙදීමෙන් සාර්ථකව මර්දනය කල හැක.

රතු ලුණු කෘමි නාශකය
රතු ලුණු 1kg තලා ගන්න.එය රෙදිකඩක ගැටගසා ගන්න.වතුර 1l ක් උණු කරගන්න.උණුවතුර එක ලිපෙන් බාගත් විගස,එයට රතු ලුණු රෙදිකඩ බහා පැය 24ක් තබන්න.රෙදිකඩ ඉවත්කර එයට වතුර 10ගුණයක් එක්කර ඉසින්න.
කොරපොතු කෘමින්,මයිටාවන්,පැල මැක්කන්,කුහුබුවන් හා කිනිතුල්ලන් මර්දනය වේ.

වියලි ලුණු පොතු කෘමි නාශකය
සුදු ලුණු හා රතු ලුණු පොතු දෝතක් ගන්න.මෙයට වතුර ලීටර් 1ක් දමා රත් කරගන්න.රන්වන් පාටට එනතුරු රත්කර පෙරා ගන්න.නිමුණු පසු වගාවට ඉසින්න.
තක්කාලි,අර්තාපල් බෝගවලට වැළදෙන අංගමාරය දිලිර රෝගයට සති 2කට වරක් කීප වරක් යොදන්න.

අරලිය මල් කෘමි නාශකය
අරලිය මල් කිනිත්තක් වතුර බාජනයකට දමා සතියක් තබන්න.දිනපතා ලි කෝට්ටකින් මිශ්‍ර කරන්න.මිශ්‍රනය පෙරා ගන්න.එයට සිනි ස්වල්පයක් සහ සබන් ස්වල්පයක් එක්කරන්න.ඉන් පසුව ඉසින්න.
සුදු මැස්සන්, කූඩිත්තන් මර්ධනය වේ.

පැපොල් කෘමි නාශකය
ලොකු පැපොල් ගෙඩියක් ගෙන කුඩා කැබලිවලට කපා ගන්න.වතුර ලීටර් 1ක් එයට දමා එය පැය 24ක් තබන්න.මෙයට වතුර ලීටර් 2ක් ම්ශ්‍ර කර බෝගවලට ඉසීමෙන් මයිටාවන්,පැල මැක්කන් මර්දනය වේ.

සියලු කෘමි පාලනයට
සුදු ලුණු 1kg
භුමි තෙල් 100ml
අමු ඉගුරු 500g
අමු මිරිස් 20g
දුම් කොළ 20g
ගම්මිරිස් 20g
කොහොබ තෙල් 200ml
රෙදි සෝදන සබන් 30g

සුදු ලුණු තලා ගන්න.භුමි තෙල් එයට එක් කර පැය 12ක් තබන්න.අමු ඉගුරු ,අමු මිරිස්,ගම්මිරිස් කොටා එම මිශ්‍රනයට එක් කරන්න.දුම්කොළ වතුරට දමා කොහොබ තෙල් ද එයට දමා පය 24ක් පෙගෙන්න හරින්න.දැන් මිශ්‍රණ දෙකම එකට එක කරන්න.රෙදි සෝදන සබන්ද එයට එක් කර පෙරාගන්න.මෙම මිශ්‍රනය 175ml ක් වතුර 2.5l කට එක් කර අක්කර 1/4ක වගාවකට යෙදිය හැක.
උපුටා ගැනීමකි
Reply





Forum Jump:


Users browsing this thread: 1 Guest(s)